Thursday, August 25, 2011

Harry potter 1

                            පිරිමි ළමයා
      ්‍රිවට් ඩ්‍රයිව්හි අංක හතර දරණ නිවසේ ඩර්ස්ලි මහතා සහ මහත්මිය, තමන් කිසිදු අසාමාන්‍ය තත්ත්වයකින් පසු නො වන ඉතාමත් සාමාන්‍ය පුද්ගලයින් බව  කියා ගැනීමට බොහෝ සේ සතුටු වූහ. කිසියම් අද්භුත හෝ අසාමාන්‍ය දෙයක් කිරීමට කිසිදු දිනෙක පෙළඹෙන නො වෙති ඔවුන් විහිළු,විකාර හැසිරීම් රටාවක් ඔවුන්ගෙන් කිසිදු විටෙක අපේක්ෂා කළ නොහැකිය.
     ඩර්ස්ලි මහතා වු කලී ඩ්‍රීල් රෙදි නිෂ්පාදනය කළ ගෘනිංස් නම් සමාගමේ අධ්‍යක්ෂවරයෙකි. බෙල්ලක් කොහෙත් ම තිබුණේ නැති මස් පර්වතයක් වැනි තරබාරැ මිනිසෙකි ඔහු. කෙසේ වුවද මහ විසල් උඩු රැව්ලක් ඔහු සතු විය. ඩර්ස්ලි මහත්මිය තම ස්වාමි පුරැෂයාට වඩා හාත්පසින්ම වෙනස් ස්වරෑපයකින් යුක්ත වූවාය. ඕ සුදු සමක් සහ තඹ පැහැති කෙස් ඇති කාන්තාවක වූ අතර ඇයට දිගු ගෙලක් තිබිණ. එම දිගු ගෙල ඇයට නම් දෙවියන් විසින් දෙන ලද ආශිර්වාදයක් වූයේ ඇගේ විනෝදාංශය, එනම් නිරතුරැ ව ම අසල් වැසි නිවෙස්වල වැටවල්වලට උඩින් ගෙල දිගු කර එබී ඕපා දූප සෙවීම සාර්ථකව කිරීමට එය බොහෝ සේ